ඇසි පිය මානේ
දෙසමන් පීදේ
මේ දුර්ග මාවතේ
ඔබෙ ආදරේ දැනේ
සද අහසින් මිදී
ඉර නැවතී හිඳී
ලොව එලියෙන් පිරී
අපගේම ලෝකයේ
ඇසි පිය මානේ
ගංගාව බැස යාවි කී දේ නැති
මල් යාය රහසේම රොන් දේ නිති
නුඹ නෙතු මා සිත අමතා
මට කී කතා ප්‍රියේ සුරැකෙන්නැති
ඇසි පිය මානේ
පෙම් සීත වරුසාවේ නැහැවී යමු
ගුම් නාද බඹරුන්ගෙ විඳිමූ අපි
නුඹගෙන් මා ලොව දුටුවා
සංසාර ගීතයේ තරුවක් වෙමි
ඇසි පිය මානේ
දෙසමන් පීදේ
මේ දුර්ග මාවතේ
ඔබෙ ආදරේ දැනේ
සද අහසින් මිදී
ඉර නැවතී හිඳී
ලොව එලියෙන් පිරී
අපගේම ලෝකයේ
ඇසි පිය මානේ
දෙසමන් පීදේ
ඇසි පිය මානේ