in Nadeeka Jayawardena

ඇසි පිය මානේ | Asi Piya Mane by Nadeeka Jayawardana

ඇසි පිය මානේ
දෙසමන් පීදේ
මේ දුර්ග මාවතේ
ඔබෙ ආදරේ දැනේ
සද අහසින් මිදී
ඉර නැවතී හිඳී
ලොව එලියෙන් පිරී
අපගේම ලෝකයේ
ඇසි පිය මානේ

ගංගාව බැස යාවි කී දේ නැති
මල් යාය රහසේම රොන් දේ නිති
නුඹ නෙතු මා සිත අමතා
මට කී කතා ප්‍රියේ සුරැකෙන්නැති
ඇසි පිය මානේ

පෙම් සීත වරුසාවේ නැහැවී යමු
ගුම් නාද බඹරුන්ගෙ විඳිමූ අපි
නුඹගෙන් මා ලොව දුටුවා
සංසාර ගීතයේ තරුවක් වෙමි

ඇසි පිය මානේ
දෙසමන් පීදේ
මේ දුර්ග මාවතේ
ඔබෙ ආදරේ දැනේ
සද අහසින් මිදී
ඉර නැවතී හිඳී
ලොව එලියෙන් පිරී
අපගේම ලෝකයේ

ඇසි පිය මානේ
දෙසමන් පීදේ
ඇසි පිය මානේ

banner

Leave a Reply