රන්තරු (Teledrama Theme Song) | Rantharu (Teledrama Theme Song) by Eranda Pathum ft. Amila Nadeeshani [2013]

සද රැස් සරසා
රන්තරු පිපිලා
රත්තරන් ආදරේ
හදවත පිරිලා
ඔබේ හුස්ම ඇවිත්
මගේ ලය පිරිලා
මට දැනුනා සිහිනෙන් දුටුවා

රන්තරු පිපුනා
රන්තරු පිපුනා

යටිහිතට වද නොදී
සෙනෙහසට මුල පුරන්න
ඒ සුවද දිවිතුරා
මගේ ලගම තනි කරන්න
ඔබ හිතන තරම්
පෙම් සිහින් අරන් ඉගිලෙන්නෙ නෑ කියන්න
ඇත්තටම ආදරෙයි
සංසාරෙදිම හිතන්න

රන්තරු බලා හිදින්න
රන්තරු බලා හිදින්න
ගිරි සිකර සිප ගනී
වැහි වළාකුලු නැගීලා
අපි අපිටම ඇතී
බාදා නිමක් නොවීලා
සැනසුමයි උතුම්
රතු රොස මලින්
ආදරේ ඉම තනාලා
අපි අපේම වෙමු
මතු කදුලු පිස දමාලා

රන්තරු දිලෙයි සිසාරා
රන්තරු දිලෙයි සිසාරා

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here