ඔබ ළඟ නැති මේ සසරේ
තනිකම දැණුනා අඳුරේ
පැතුවා ඔබේ සිසිල උණුසුම් කතරේ
ඔබ මා ළඟ නැති අතරේ
රන් දේදුණු පෑයූ දා
ඔබ හා මා එක් වූ දා
මතකයි ඔබේ සුදු අත ගෙන පියමැන්නා
පොද වැස්සක අපි තෙමුණා
විළඳ පොරි ඉහලා
අපට සුබ පැතුවා
අසිරි හඬ දීලා
මංගලම් කීවා
සුවඳින් පිරී හසරැල් ඔබේ
මගෙ මුවගට ළංවූවා
ඔය රුව මගෙ නෙතු දුටුවා
ඔබ ළඟ නැති මේ සසරේ
තනිකම දැණුනා අඳුරේ
පැතුවා ඔබේ සිසිල උණුසුම් කතරේ
ඔබ මා ළඟ නැති අතරේ
සඳ කිරණ වැදිලා
මල් සුවඳ දැනිලා
පිණි දහඩිය වැටිලා
ඔබෙ මුහුණ දිලිලා
ඔබ හා මෙ මා දෙදෙනෙක් කියා
සිතුවා ඉවරයි සිතුණා
රැය පහන් කලා දෙදෙනා
ඔබ ළඟ නැති මේ සසරේ
තනිකම දැණුනා අඳුරේ
පැතුවා ඔබේ සිසිල උණුසුම් කතරේ
ඔබ මා ළඟ නැති අතරේ
රන් දේදුණු පෑයූ දා
ඔබ හා මා එක් වූ දා
මතකයි ඔබේ සුදු අත ගෙන පියමැන්නා
පොද වැස්සක අපි තෙමුණා
Leave a Reply