නොසිඳෙනා | Nosidena by Rookantha Gunathilaka

Sinhala song lyrics with music notes illustration

නොසිඳෙනා පෙම් උල්පත මගේ හදයි
නොබිඳෙනා රන් හදවත මගේ ළඟයි
නොසිඳෙනා නොබිඳෙනා පෙම් උල්පත
රන් හදවත මගේ තමයි
නොබිඳෙනා රන් හදවත මගේ ළඟයි

වචන දෙකේ පෙම් හසුනේ ඔබ ඇලවී
මුහුණු පොතේ skype දැලේ ඔබ පැටලී
සැමදා පල නැත තැන තැන සිරවී
ලයටම එනු මැන ඔබ සෙනෙහස දී
ළඟ එනවා පෙම දෙනවා ඔබ හමුවට එනවා
හිනැහෙනවා ලං වෙනවා දිවියට ලං වෙනවා.. වෙනවා

සිහින ලොවේ තරු අතරේ ඔබ හිටියේ
වැලි කතරේ ක්ෂේම බිමේ ඔබ දුටුවේ
මල් ගොමුවේ සුවඳ වගේ මට දැනුනේ
දුක නොබලා නුරම සොයා එන්න සඳේ

නොසිඳෙනා පෙම් උල්පත මගේ හදයි
නොබිඳෙනා රන් හදවත මගේ ළඟයි
නොසිඳෙනා නොබිඳෙනා පෙම් උල්පත
රන් හදවත මගේ තමයි
නොසිඳෙනා පෙම් උල්පත මගේ ළඟයි

ළඟ එනවා පෙම දෙනවා ඔබ හමුවට එනවා
හිනැහෙනවා ලං වෙනවා දිවියට ලං වෙනවා
ළඟ එනවා පෙම දෙනවා ඔබ හමුවට එනවා
හිනැහෙනවා ලං වෙනවා දිවියට ලං වෙනවා

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply