නිම්නාදේ තත් අතරින් අප සැඟවී සැඟවී
අඳුරු මන්දාරමේ තනිවී
ලා නිල්ලේ පාවී යනවා නොදැනී නොදැනී
නග්න වූ ජීවයේ
අවුලනා සුසුම් පාරනා
කර්මයේ කඩතොළු සොයා
අසිහියෙන් නිමකළා
ස්වර්ගයේ රූ දිහා
කල්පනා අතුරලා
මුඩුබිමේ රඟදෙනා
මානවයන් සිහිවෙනා
සැරිසරා පාරාදීසෙක අපි යලිත් තනිවෙලා
සනසවා නිවාලන්නට කාටවත් බැරි වෙලා
කාලයක් හිතේ මැවුනු හීන දිය කරලා
ජාලයක් වගේ ලෝකය සිව්දෙස කැළඹෙනවා
වියරු මනසින් මා දුටුවා
මිනිසුන් යදිනා
සියළු දේවල් අතහැරලා
නිවිලා යනවා
මාවතේ සරනා දිනේ
නෑ සෙනේ කිසි කෙනෙකුගේ
සරදමින් වියලුණු ලයේ
පවසමින් අතීතයේ
අසුරයන් හමනා ලොවේ
මා සිරවෙලා දුමාරයේ
ගිල්වුනත් මිරිඟුවේ
රළ නැගෙයි ක්ෂිතිජයේ
Leave a Reply