ධූම වර්ෂා | Dhuma Warsha by Thilan Dhanushka [2021]

Sinhala song lyrics with music notes illustration

මන්දාකිණියේ බබළවනා නිල් තරුවක් වී රෑ අහසේ අන්ධකාරය මැදින් පීරා නුඹ සොයා ආවා

මා සිවු ලොවේ හිණිමං තනාලා රාගයෙන් නුඹ හා වෙලීලා රුදුරු මායිම් නියම් ගෙවාලා නුඹ සොයා ආවා

යාත්‍රිකයා හමුවේ මේඝ වර්ෂා පවා බිඳුනේ
සක්වලින් පැමිණෙනා දිනයේ ධූම වර්ෂා පවා
නැගුනේ

පාවී එන්නම් ඔය දෙනෙත් සොයා මං රහසේ
සැගවී යාදෝ නුඹ සඳුගේ හද තුරුලේ
මා එනතෙක් හැකිදෝ ඉන්නට කිඳුරේ
දැක ගන්නට පමණයි මගෙ මේ ගිනි ගෙන දැවෙනා ආදරේ

හමනා මේ සුලගේ තවරා එයි සෙනෙහේ
කුමරි සිනහවෙන් මා වෙත හෙලනා ඒ බැල්මේ
සඳ අයිතිය දැරුවත් මට අහිමි වූවත්
පවුරක් නෑ මා කෙරේ යන්නම් මගෙ සිහිනයන්
කොදෙව්වේ

තරු කුමරී හිමි ආලයටයි අඹරේ
නෑ වරමක් මා හට ඒ රිදුමන් සිහිනේ
ලෝ පරදාලා මේ යන ගමනේ
මා සිත පරදාලා බිඳුනාවේ

පාවී එන්නම් ඔය දෙනෙත් සොයා මං රහසේ
සැගවී යාදෝ නුඹ සඳුගේ හද තුරුලේ
මා එනතෙක් හැකිදෝ ඉන්නට කිඳුරේ
දැක ගන්නට පමණයි මගෙ මේ ගිනි ගෙන දැවෙනා ආදරේ

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply