අරුමයක්දෝ | Arumayakdo by Thilan Dhanushka [2021]

Sinhala song lyrics with music notes illustration

අරුමයක්දෝ ඇරඹුමේ
හැරවුමක්දෝ භවතුරේ

හිමිදිරියේ
මැවෙනා මේ
නෙතු අග ඇදි ඒ රුවේ
සිහිනෙක මං මුලා වුනේ

සන්ධ්‍යාවේ
අවරට පියඹනා දිනේ
ගිනි සිලු නිවෙනා ක්ශිතිජයේ
ඡායා අතරමං කලේ

විවර වී යන මානයේ
කාලයන් අතර නුඹ සොයා
මනසින් යාවුණා

ගගන වන් වූ නිල් තලේ
ධූමයන් අතර සැගවීලා
දෙනෙතින් මත් වුණා

අරුමයක්දෝ ඇරඹුමේ
සිහිනයක්දෝ අළුයමේ
මිරිගුවක්දෝ හැන්දෑවේ
හැරවුමක්දෝ භවතුරේ

මීදුමක් මැදින් පිබිදුණු මල් සරාවියේ
නොපෙනෙනා දුරින් නුඹ යයි අනන්තෙට වගේ
සසර චාරිකා අතරින් හමන මාරුතේ
කෙදිනකදෝ යලි අප හමුවන්නේ

මා කොතැනදෝ මේ ලොවේ
ඈ රැදුනේ නෑ මේ භවේ
ඒ මතකයන් නිම්නයේ
ගිල්වුනා ආලයේ භවේ

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply