නිර්ණාමික ආලයේ | Nirnamika Alaye by Thilan Dhanushka [2022]

Sinhala song lyrics with music notes illustration

කාලයක් ගත වෙලා අප හමුවුණා
නුඹෙ මතකයෙන් මා මෙදා ගිලිහිලා
ඒත් මට රහසින් සඟවනා ඔය කෝලම් සිනහා
මේ ගොම්මන් යාමේ මගෙ හද රිදවනා

සීතල වර්ෂාවක අහම්බෙන් වගෙ හමුවුනේ
උණුසුම් විරාගයේ එක හැන්දෑවක යළි වෙන් වුනේ
චන්ද්‍රයන් සඟවා ගෙන නිමාවූ ඒ ස්නේහයේ
නිර්ණාමික ආලයේ ඇරඹුමක් දෝ මේ විඳින්නේ

හමුවෙමු ආයේ

නිහඬ වූ හැඟුමකින් ගෙවුනා මිහිරාවේ
ඉඟිබිඟි මැදින් සීරුවෙන් දුටුවා පෙම නුඹගේ
මොහොතකින් ජීවිතේ සුවයක් දැනුණාවේ
පෙම් සාදයේ නිමාවක් නොදැනුනා අතීතේ

ඒ අතීතේ හැරදමා කිමිදුණා සිසාරේ
සොයා යයි දෙමංසලින් ආලයේ පුරාණේ

සීතල වර්ෂාවක අහම්බෙන් වගෙ හමුවුනේ
උණුසුම් විරාගයේ එක හැන්දෑවක යළි වෙන් වුනේ
චන්ද්‍රයන් සඟවා ගෙන නිමාවූ ඒ ස්නේහයේ
නිර්ණාමික ආලයේ ඇරඹුමක් දෝ මේ විඳින්නේ

හමුවෙමු ආයේ

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply