සඳ බැස ගිය | Sanda Basa Giya Thana by Rookantha Gunathilaka

සඳ බැස ගිය තැන නෑ හිරු බැස ගිය තැන නෑ
රළ බැස ගිය තැන නෑ මහ සයුරේ
හිනැහුණු දවසක් නෑ සැනසුණු දවසක් නෑ
නැළවුණු දවසක් නෑ
මගේ ලොවේ

හෙට හමුවෙමුද අපි
හෙට සැනසෙමුද අපි
හෙට නැළවෙමුද අපි
හිතවතියේ
අද හමුවෙමුද අපි
අද සැනසෙමුද අපි
අද නැළවෙමුද අපි
පෙම් සයුරේ

මා ඔබ දන්නා තරම් ඔබ මා හඳුනන්නේ නෑ
මා දෙස නොබැලුවත් තරහා නැතේ
ඔබ දුටු දිනේ පටන් ඔබ පැයේ පටන්
මගේ හද වත පතුලේ හැඟුම් පුබුදුනේ

සඳ බැස ගිය තැන නෑ හිරු බැස ගිය තැන නෑ
රළ බැස ගිය තැන නෑ මහ සයුරේ
හිනැහුණු දවසක් නෑ සැනසුණු දවසක් නෑ
නැළවුණු දවසක් නෑ
මගේ ලොවේ

Leave a Reply