in Rookantha Gunathilaka

සඳ ලේඛා | Sanda Lekha by Rookantha Gunathilaka

සඳ ලේඛා සඳ ගිරි හිසින් ලැඟුම් ගනියි මගේ ලෝකේ
රූ චායා සෙවනැලි දිදා පෙමින් ලඟින් හිඳී මගේ
දිනෙක කීවා මා දකින සිහිනේ
එම සඳ කීවා මනෝරම්‍ය ගීතේ
අපි දෙන්නා

විමානයෙන් ආ සඳ සේ සඳුන් කැලෙන් එහා
ගෙනා සිතක් රන් තැටියේ නොදී ගතින් එදා
හතර වටේ මල් වැහැලා සිතට කතා කලා
හිතින් ඉතින් එදා

සඳ ලේඛා සඳ ගිරි හිසින් ලැඟුම් ගනියි මගේ ලෝකේ
රූ චායා සෙවනැලි දිදා පෙමින් ලඟින් හිඳී මගේ
දිනෙක කීවා මා දකින සිහිනේ
එම සඳ කීවා මනෝරම්‍ය ගීතේ
අපි දෙන්නා

කුමාරියක් වූ දවසේ කතා පොතෙන් සිතේ
විලේ ගිහින් මල් නෙළුවේ ඔබයි නමින් මගේ
පාර දිගේ මල් ඉහිලා සුවඳ කතා කළා
රජෙක් ඇවිත් කියා

සඳ ලේඛා සඳ ගිරි හිසින් ලැඟුම් ගනියි මගේ ලෝකේ
රූ චායා සෙවනැලි දිදා පෙමින් ලඟින් හිඳී මගේ
දිනෙක කීවා මා දකින සිහිනේ
එම සඳ කීවා මනෝරම්‍ය ගීතේ
අපි දෙන්නා

banner

Leave a Reply