in Rookantha Gunathilaka

සීතල සිතුවිලි | Seethala Sithuwili by Rookantha Gunathilaka

සීතල සිතුවිලි උණුසුම් සුසුමින්
සුවපත් කළ ළමැදේ
ජීවිත කතරට සිහිලැල් පිණිබිදු ඉසිමින්
පෙර මං කී නිරිඳේ

මුවරද විසිරෙන මිහිරිම සෙනේහයෙන්
මා හද සුවඳින් පිරූ හැටි
ගිනියම් සැඩහිරු දෝතින් මුවා කරන්
සුවබර සෙවනැලි හැදූ හැටි

සීතල සිතුවිලි උණුසුම් සුසුමින්
සුවපත් කළ ළමැදේ
ජීවිත කතරට සිහිලැල් පිණිබිදු ඉසිමින්
පෙර මං කී නිරිඳේ

නොසිතු මොහොතක නොමියෙන විලාසයෙන්
ඉරණම ඔබ ළඟ රැඳුණු හැටි
වැළපෙන පැළකට මල් කැන් දෝත දරන්
හෙට ගැන උරුමය ගෙනා හැටි

සීතල සිතුවිලි උණුසුම් සුසුමින්
සුවපත් කළ ළමැදේ
ජීවිත කතරට සිහිලැල් පිණිබිදු ඉසිමින්
පෙර මං කී නිරිඳේ

banner

Leave a Reply