සැදෑ පහන් | Sada Pahan by Rookantha Gunathilaka

Sinhala song lyrics with music notes illustration

සැදෑ පහන් නදී තෙරේ
ඔබේ ළඟින් හිඳිමි ලංවෙලා
ඔබයි මමයි සඳයි රැයයි වුනා
මලයි විලයි හෙමින් තුරුල් වුණා

සැදෑ පහන් නදී තෙරේ
ඔබේ ළඟින් හිඳිමි ලංවෙලා
ඔබයි මමයි සඳයි රැයයි වුනා
මලයි විලයි හෙමින් තුරුල් වුණා

දෑස පේන මානයේ පවා
නෑ මිනිස් හඩක් ඇහෙන්නේ නෑ
ආදරේ සුරංගනා රැයේ
ජීවිතේ පාට මේ අහස් තලේ
ඔබේ රෝස පාට කම්මුලේ

සැදෑ පහන් නදී තෙරේ
ඔබේ ළඟින් හිඳිමි ලංවෙලා
ඔබයි මමයි සඳයි රැයයි වුනා
මලයි විලයි හෙමින් තුරුල් වුණා

ප්‍රේම සීත කල්පනා ලොවේ
ස්වර්ණ වර්ණ මාලිගා මැවේ
එන්න යන්න ඒ විමන් කරා
ඩිංග ඩිංග මා අතේ එතී
නොනිදා නිදා ඔබේ නුවන්
අඩවන්ව ලංවෙමින් හිදී

සැදෑ පහන් නදී තෙරේ
ඔබේ ළඟින් හිඳිමි ලංවෙලා
ඔබයි මමයි සඳයි රැයයි වුනා
මලයි විලයි හෙමින් තුරුල් වුණා

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply