සෙක්කුව ලිහපං
බොරුව නවතපං
එකම තැනක කරකාපු
රැවටිලි තෙල හින්දාපු
මන්දිර සඳලුතලෙන් බැස බලපං දැවෙන තැවෙන හඬ ආපූ
කටු මැටි ගේ පුපුරාපු
නිවහල් මිනිසුනේ නැගිටිව් එකලෙසේ
නිවහල් මිනිසුනේ නැගිටිව් එකලෙසේ
නොමිනිස්කම් හිස් කම් දුරැර අහස සිප ගනිමු
පසුබැස්මන් කොතෙක් වත්
නොපසුබටව ජය ගනිමු
මල් පිපෙයි පින් බිමේ
ආදරේ සලකුණේ
බේද නෑ එක වගේ
මේ රට ඔබෙයි මගෙයි සොයුරනේ
එක්ව නැගිටපං
මගෙ මව් රැකපං රවටවමින් කෙලෙසාපු
නිහඬවම විඳ දරාපු
යුක්තිය පසිඳලනම තුරු නගපං
එකම හඩ පන පොවාපූ
නොබිය වෙමින් හඬගාපූ
Leave a Reply