සෙක්කුව | Sekkuwa by Nisal Gamage [2022]

Sinhala song lyrics with music notes illustration

සෙක්කුව ලිහපං
බොරුව නවතපං
එකම තැනක කරකාපු
රැවටිලි තෙල හින්දාපු
මන්දිර සඳලුතලෙන් බැස බලපං දැවෙන තැවෙන හඬ ආපූ
කටු මැටි ගේ පුපුරාපු

නිවහල් මිනිසුනේ නැගිටිව් එකලෙසේ
නිවහල් මිනිසුනේ නැගිටිව් එකලෙසේ

නොමිනිස්කම් හිස් කම් දුරැර අහස සිප ගනිමු
පසුබැස්මන් කොතෙක් වත්
නොපසුබටව ජය ගනිමු
මල් පිපෙයි පින් බිමේ
ආදරේ සලකුණේ
බේද නෑ එක වගේ
මේ රට ඔබෙයි මගෙයි සොයුරනේ

එක්ව නැගිටපං
මගෙ මව් රැකපං රවටවමින් කෙලෙසාපු
නිහඬවම විඳ දරාපු
යුක්තිය පසිඳලනම තුරු නගපං
එකම හඩ පන පොවාපූ
නොබිය වෙමින් හඬගාපූ

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply