තව ටිකයි | Thawa Tikai by Picazzo, Yachi ft. Smokio [2022]

Sinhala song lyrics with music notes illustration

අවසානේ ඇත ළඟා වී
දැන් ඉතිම් කම්පා නොවී
දැනටමත් වැඩි පමාවී
සොබාදහම විසින් අසමාන තැන් සම කරාවී
මනුෂ්‍යත්වය වැළලී
වරදකාරී මිනිසා ලොවේ විනාසය කරා අරන් ඇවිත්
යථාර්ථය වෙත දෑස් දී
කියන්න දුකයි ඒත් අපේ ප්‍රවේශපත්‍ර ලෑස්ති

පෘථිවියට වැළඋනු මිනිසා නම්
පිලිකාව විසින් නසයි මිනිසාව
මිනිසාටත් අමතකයි සීමාව
සොබාදහම පනවා ඇති නිතිකාව
මරණීය පව් හතකින් පිරියාත්ම
හැදුවේ පරිසරය බිලිගන්න
මහිද මහ පොලොව කිපිලා ලෑස්තිද
කරපු වැරදි වලට දඬුවම් පිලිගන්න
කිවිසුමක් නැතුව ඉපදී ලෝකෙන්
අයිතිවාසිකම් පතමින්
බල පිපාසයෙන් බර වී
සිවර්ගයා පවා මරාදමමින්
මනුසතා සිටී සරමින් නිදැල්ලේ
ගොදුරු මාන බලමින්
මතු පරම්පරාවටත් හුරු කරයි
ජීවත් වෙන්න අනිකාවත් ලොවත් නසමින්
ඉතා සුලු වෙලාවක් අරන් හිතුවොතින්
අපිත් ඒ යාන්ත්‍රනේ කොටසක් ම නේද මේ
ලෝකේ මේ තත්වෙට පත් කලේ
තිරිසන් මිනිසා මිස සත්වයෙක් ද
බලවතා තම පරමාර්ථ සපුරා ගනි
ගෙන එමින් විවිධ චක්‍ර ලේඛ
හැම තත්පරේම මතුවෙන්න පතන්නේම
වෙන ලෝකෙක වෙන සක්වලේක

අවසානේ ඇත ළඟා වී
දැන් ඉතිම් කම්පා නොවී
දැනටමත් වැඩි පමාවී
සොබාදහම විසින් අසමාන තැන් සම කරාවී
මනුෂ්‍යත්වය වැළලී
වරදකාරී මිනිසා ලොවේ විනාසය කරා අරන් ඇවිත්
යථාර්ථය වෙත දෑස් දී
කියන්න දුකයි ඒත් අපේ ප්‍රවේශපත්‍ර ලෑස්ති

දැන් ඉන්නෑ මිනිසුන් දා විනාශයට හේතුව
මිනිස්සුද පව් පිපාසෙන් මිනිසුන් සියලූම
මේ ශාපලත් පොලොව වියලුන
ඒත් නෑ දේවල් ගිලිහූනා ඒක වෙන්නෙපා
කාටවත් බිලිවුන
මල් වතුර පාට වෙලා කිරි මූද
ලංකාව දැන් තැනක් පිරිහූන
මතක් වෙන්නේ කෙමෙන් පාප
අපායෙන් ආරාධනා විලාප
සොබාදහම කෙරුවේ ශාප
පොලොවේ පුපුරන්න ළඟයි
දැඩිවෘතාප
විරුද්ධ වෙන්නට බෑ මේ දහමට
කාටත් පොදුයි නිති උඹටත් සහ මට
කරපු වැරදි ඇසේ කන් අගින් ලාවට
තව ටිකක් ලංවෙන්නේ අවසන් වෙලාවට

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply