ඈතින් මෑතින් | Athin Mathin by Dinesh Gamage [2025]

Sinhala song lyrics with music notes illustration

ආදරෙන් හාදවෙම් මං බලා උන්නා

හීනයෙන් හීනයේ  ඔව් ඔබම උන්නා

පියඹලා අඩඳුරේ තරු කඩා දුන්නා

ඒ තරම් ආදරේ ඔබටමයි හින්දා

සිහිනෙකින් හෝ එන්න සිඹිනෙමි රෑ පුරා

මාගේ වී ලංවෙන්න පෙම් ඕවිල්ලේ පාවෙලා

ඈතින් මෑතින් මං නෙත් ඔබේ බලා ඉන්නම්

පාරාදීසේ නම් දැක්කේ ඇස් අග්ගිස්සෙන් මං..////

පාලුවෙන් පාලුවෙන් රැය පුරා ඉන්නා

හේතුවෙන් හේතුවේ ඔබ ගැනම හෙව්වා

හමුවෙනා තුරු මෙසේ රැඳෙමි මං මගබලා

ඔබ ගෙනා මදහසේ පැහැය හද මව මවා

දැක්කේ ඇස් අග්ගිස්සෙන් මං…

ඈතින් මෑතින් මං නෙත් ඔබේ බලා ඉන්නම්

පාරාදීසේ නම් දැක්කේ ඇස් අග්ගිස්සෙන් මං..

සිහිනෙකින් හෝ එන්න සිඹිනෙමි රෑ පුරා

මාගේ වී ලංවෙන්න පෙම් ඕවිල්ලේ පාවෙලා

ඈතින් මෑතින් මං නෙත් ඔබේ බලා ඉන්නම්

පාරාදීසේ නම් දැක්කේ ඇස් අග්ගිස්සෙන් මං..//// 

written by Nisal Gamage

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply