in Gunadasa Kapuge

ශාන්තිනී | Shaanthini by Gunadasa Kapuge

ශාන්තිනී තෙමා වැටේ නළල කුන්කුමම්
කුන්කමම් තෙමා අහසේ හඬන චන්දිරන්
පාං පැලට ගිනි ඇවිලී අන්න නැගෙන දුම්
ශාන්තිනී අප දෙවියන් ඇති තැනකට යං

කඳුළු උඩට තිරුවංගල් එළිය වැටීමෙන්
නු‍ඹේ මුහුණ කියාගන්න බැරි කවියකි දැන්
බියේ සැලෙන ඔය දෑතේ වළළු ඔය තරම්
බරද කියාපන් කෙල්ලේ බරද කියාපන්

සියල් සිතින් දෑ කුලගොත් ඔබ ආපසු ගන්න
මහත්වරුනි ශාන්තිනී විතරක් මට දෙන්න
තිරුක්කුරල් පොත අරින්න දෑස පියාගන්න
මහත්වරුනි මා නෙළු මල මට සිඹින්න දෙන්න

banner

Leave a Reply