තරු දියකරන් | Tharu Diyakaran by Anjitha Kuruppu [2025]

Sinhala song lyrics with music notes illustration

නුඹ ගියේ මගෙ හිත මුදු දා
ලවනතේ දම් මල් තවරා
කවි තෙමා හිත කළු කළා
අනේකවාරයේ

පිණිබිඳිති ඉවසුවා නම් මාගේ
නොහෙලන්නට තිබුණා
මේකුළු ගැටුනා දෙන්
වැහි මත වැහි වැටුනාදෙන්
නිදි නැතුවා 
නිදි නැතුවා දෝ
තරු අඳුරක මං 
සඳ එළි තියන්නම්
කල් ගෙවූ නිම්න වේ නම්
නුඹ ගෙනා එළි දකින්නම්

තරු දියකරන් 
වැටෙනව එළි පොළොවට ඇතිතරම්
නුඹ ගෙනගිය මගෙ හිත ආයෙත් අරන්
සඳ පාරමු අහසම ගිනි අරන්

නුහුරුම රතු හැන්දෑ ඉකිබින්දා 
අවකාසෙට කවි හලන්
හිත බිඳිලා තව හැඩිවුනොත් යමි
එතෙරක ගෙතු කවි අරන් 

මෙ දුක කියන්නෙ
මගෙ ළඟින් ඉඳන් දුක අහන්න
සඳ අහසක අඩි තබන්න 
ළඟින් රැඳෙන්න 

සරදාකාස දවා හිත හානි කළා
මගෙ ආදරෙ බාධා කළා
අද මා ගිලෙනවා මෙහෙම කවි දියේ
මගෙ හිත රිදිලා
නුඹ අවුදින් මා යනෙනා මග 
තරූ රටා තියා
හැමදා කළු සළු වහන්
අවරට මිමිණූ වදන් 
මහ මුහුදට රතු සුසුම්

නුහුරුම රතු හැන්දෑ ඉකිබින්දා 

තෙර නොපෙනුනාදරේ
කළුකුහර ආදරේ
තෙර නොපෙනුනාදරේ
කළුකුහර ආදරේ

written by Anjitha Kuruppu

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply