නුඹ ගියේ මගෙ හිත මුදු දා
ලවනතේ දම් මල් තවරා
කවි තෙමා හිත කළු කළා
අනේකවාරයේ
පිණිබිඳිති ඉවසුවා නම් මාගේ
නොහෙලන්නට තිබුණා
මේකුළු ගැටුනා දෙන්
වැහි මත වැහි වැටුනාදෙන්
නිදි නැතුවා
නිදි නැතුවා දෝ
තරු අඳුරක මං
සඳ එළි තියන්නම්
කල් ගෙවූ නිම්න වේ නම්
නුඹ ගෙනා එළි දකින්නම්
තරු දියකරන්
වැටෙනව එළි පොළොවට ඇතිතරම්
නුඹ ගෙනගිය මගෙ හිත ආයෙත් අරන්
සඳ පාරමු අහසම ගිනි අරන්
නුහුරුම රතු හැන්දෑ ඉකිබින්දා
අවකාසෙට කවි හලන්
හිත බිඳිලා තව හැඩිවුනොත් යමි
එතෙරක ගෙතු කවි අරන්
මෙ දුක කියන්නෙ
මගෙ ළඟින් ඉඳන් දුක අහන්න
සඳ අහසක අඩි තබන්න
ළඟින් රැඳෙන්න
සරදාකාස දවා හිත හානි කළා
මගෙ ආදරෙ බාධා කළා
අද මා ගිලෙනවා මෙහෙම කවි දියේ
මගෙ හිත රිදිලා
නුඹ අවුදින් මා යනෙනා මග
තරූ රටා තියා
හැමදා කළු සළු වහන්
අවරට මිමිණූ වදන්
මහ මුහුදට රතු සුසුම්
නුහුරුම රතු හැන්දෑ ඉකිබින්දා
තෙර නොපෙනුනාදරේ
කළුකුහර ආදරේ
තෙර නොපෙනුනාදරේ
කළුකුහර ආදරේ
written by Anjitha Kuruppu
Leave a Reply