ළය’ගින් උපන් හස මල් අරන් දෙලවන තබා ස්නේහයෙන්
නුබ මිණි පහන් දෝතින් අරන් පැළඳුවා උවනතේ
වැහි කෝඩයෙන් නොතෙමා හොරෙන් ඉර කිණිති හංඟා ළයේ
මහමෙර තරම් දුන් ස්නේහයේ සිහින බොඳවී ළයේ
මේ කුළු එවා අසනිය සලා නුබ බෝම හැඬුවා නිතී
සඳ දූ මගේ සුසුමන් වරා සුරඹුන් තුරුල්ලේ නිදී
ළය ගිම් නිවූ සිලිලාරිනී සල්ලාල ගින්නේ දවා
ඉගිලී ගිහින් සාහස බිඟුන් නෙළුමියක පෙති සිඳ දමා
මොර දුන් හැඬුම් පිළිරැවු අරන් වෙල් හුළඟ හමනා තරම්
උහුලා දරන් ඉනු කෝම මං
මගෙ මැණික පවසන් වරක්
සංසාරයේ නොඑනා ගමන් නෑ මැණික බය නෑ ඉතින්
සඳ දූ මගේ නිදියන් සුවෙන්
නුඹ නෑර හිඳිමී ලඟින්
Leave a Reply