පෑ සිනා | Pa Sina by Dhyan Hewage x Pasan Liyanage [2025]

Sinhala song lyrics with music notes illustration

දැවෙන හද නිවනා – ගීතයයි ඔබ මා

දැනෙන දුක සඟවා – මා පෙමින් බැඳෙනා

සයනේ අද මා තනිවී – සිපගත්තේ නුඹ සිහිනේ

නුඹගේ පහසේ දැවටී – ලඳුනේ අද මා නිවෙමී

පෑ සිනා මතකේ සදා – ආදරේ දැනෙනා

පාවෙලා දුක් වේදනා – මා නුඹේ හැඟෙනා

වෑහෙනා පෙම් චේතනා – ජීවිතේ සනහා

හිත පාරනා සංවේදනා – මා හදින් මැකෙනා

රිදවනා සිතුම් සඟවා – නුඹට මා සිතින් පුදා

දිනක ඒ පැතුම් දරා – මගෙම වී හිඳින් සදා

ගැයෙන පද කියනා – තාලයයි ඔබ මා

මහද සිප හමනා – මාරුතේ රැඳෙනා

කඳුලැල්ලේ මා සිරවී – රැකගත්තේ නුඹ සිහිනේ

කවදා හෝ මා හමුවී – ලඳුනේ නුඹ හා නිවෙමී 

පෑ සිනා මතකේ සදා – ආදරේ දැනෙනා

පාවෙලා දුක් වේදනා – මා නුඹේ හැඟෙනා

වෑහෙනා පෙම් චේතනා – ජීවිතේ සනහා

හිත පාරනා සංවේදනා – මා හදින් මැකෙනා

රිදවනා සිතුම් සඟවා – නුඹට මා සිතින් පුදා

දිනක ඒ පැතුම් දරා – මගෙම වී හිඳින් සදා

written by Dhyan Hewage

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply