කුළුඳුල් අරලිය මල් | Kulundul Araliya Mal by Dhyan Hewage [2024]

Sinhala song lyrics with music notes illustration

රතු කම්මුල් හිනෑහී කියනා

නුඹ ලංවී මට ඉඟි කරනා

හිත අස්සෙන් නුඹගේ මුව සිපගන්නා

තනියෙන් හිත සොයනා රෑ මා

සඳ අස්සෙන් තරු ඉකිබින්දා

හිමි වෙන්නම් නුඹගේ හද සරසාලා

ලුහුබඳී මා

නුඹ සොයා ලා

රෑ සඳ හා

සොයනෙමී මා

හැරනොයාම අහසේ තරු සේමා

කුළුඳුල් අරලිය මල් තිබුණා

කඳුලින් පරවී නුඹ සේමා

කෙහෙරැල් ගවසා සුවඳින්

වියළීලා පෙම්

දෙතොලින් රූරන හැඟුමේ මා

නවතින බව නෑ කියලා මා

එනවානම් යලි කවදාවත් 

නෑ හංගා

හොරැහින් කී ⁣දේ සිහි කරනා

ඉඳුනිල් දෙනුවන් මට කියනා

සිහිනෙන් මා නුඹ වෙතටම පිය මැන්නා

මට නොදැනිම තනිකම ⁣ගෙවුනා

පුන් සඳ නුඹමයි ලඟ රැඳෙනා

මල් සුවඳින් අප හදවත් උතුරන්නා

ලුහුබඳී මා

නුඹ සොයා ලා

රෑ සඳ හා

සොයනෙමි මා

හැරනොයාම අහසේ තරු සේමා

කුළුඳුල් අරලිය මල් තිබුණා…

දෙතොලින් රූරන හැඟුමේ මා…

එනවානම් යලි කවදාවත් 

නෑ හංගා…

written by Buddhi Sandeepa & Dhyan Hewage

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply