සඳ දූ | Sanda Du by Tharaka Gunrathne ft. Pasan Liyanage [2020]

Sinhala song lyrics with music notes illustration

ළය’ගින් උපන් හස මල් අරන් දෙලවන තබා ස්නේහයෙන්
නුබ මිණි පහන් දෝතින් අරන් පැළඳුවා උවනතේ
වැහි⁣ කෝඩයෙන් නොතෙමා හොරෙන් ඉර කිණිති හංඟා ළයේ
මහමෙර තරම් දුන් ස්නේහයේ සිහින බොඳවී ළයේ

මේ කුළු එවා අසනිය සලා නුබ බෝම හැඬුවා නිතී
සඳ දූ මගේ සුසුමන් වරා සුරඹුන් තුරුල්ලේ නිදී

ළය ගිම් නිවූ සිලිලාරිනී සල්ලාල ගින්නේ දවා
ඉගිලී ගිහින් සාහස බිඟුන් නෙළුමියක පෙති සිඳ දමා
මොර දුන් හැඬුම් පිළිරැවු අරන් වෙල් හුළඟ හමනා තරම්
උහුලා දරන් ඉනු කෝම මං
මගෙ මැණික පවසන් වරක්

සංසාරයේ නොඑනා ගමන් නෑ මැණික බය නෑ ඉතින්
සඳ දූ මගේ නිදියන් සුවෙන්
නුඹ නෑර හිඳිමී ලඟින්

 

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply