ළඹ සවන් රන් | Lamba Sawan Ran Patin by Madumadawa Aravinda

Sinhala song lyrics with music notes illustration

ළඹ සවන් රන් පටින්

දන නෙතින් තදින් බඳිමින්
මිණි මෙවුල හඬවිම්න්
පිපි සමන් කුසුම් දරමින්
රණ හසුන් පිහිනමින්
තුනු විලෙහි සිරිය මවමින්
උන් රඟති වයති ගී ගය ගයා මියුරු අරුතින්

දැහැමින් බැඳි සිත් මඩින්ට මාර සෙන් වටින්

උන් පරදා අප මහසත් පාරමී බෙලෙන්
සෙවණින් බෝ පත් අතරේ ගැලූ අම ගඟින්
පවසින් දහමේ නිවුනේ දම් අමා රසින්

කැණිමඬල පළාලා

සුනු විසුනු කළා මැදුරක්
යලි මැදුර සදාලා
වෙහෙසුමක් තොපට නැත්තේ
මම ගයමි උදම් ගී
නද දුන්නු රාජ මිගිඳෙක්
දැහැමින් බවුන් වඩයි
නේරංජන නදි තීරේ

ළඹ සවන් රන් පටින්

දන නෙතින් තදින් බඳිමින්
මිණි මෙවුල හඬවිම්න්
පිපි සමන් කුසුම් දරමින්
රණ හසුන් පිහිනමින්
තුනු විලෙහි සිරිය මවමින්
උන් රඟති වයති ගී ගය ගයා මියුරු අරුතින්

දස දහසක් සක්වා තළ එකම්පිත වෙවී

දස දහසක් ලෝ ධාතුව ගුගුරුවා හැලී
දෙව් බඹ සුර නා සේනා සාදුකාර දී
පරසතු මල් ගඳ විලවුන් දෙපාමුල පිදී

කැණිමඬල පළාලා

සුණු විසුණු කරා මැදුරක්
යලි මැදුර සදාලා
වෙහෙසුමක් තොපට නැත්තේ
මම ගයමි උදම් ගී
නද දුන්නු රාජ මිඟිදෙක්
දැහැමින් බවුන් වඩයි
නේරංජන නදි තීරේ

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

2 thoughts on “ළඹ සවන් රන් | Lamba Sawan Ran Patin by Madumadawa Aravinda”

Leave a Reply