සිටු කුමාරියේ | Situ Kumariye by Gunadasa Kapuge

Sinhala song lyrics with music notes illustration

සිටු කුමාරියේ …. නුඹට සීතල අගුණයි
වේල්පටින් මිදුනු දාට වැහි පිණි අපලයි
ප්‍රේමාතුර නුඹේ හිතට අග හිඟ නරකයි
අග හිඟ නරකයි ….
සිටු කුමාරියේ …. නුඹට සීතල අගුණයි
වේල්පටින් මිදුනු දාට වැහි පිණි අපලයි

කුලී ගෙදර වහල කැඩී සිංහල උළු බිදී
නිල් තරු එළි හීන රටෙන් ගලා හැලෙන්නේ
කුමාරියේ නුඹට කොහොම ඒක කියන්නේ ….
ඒක කියන්නේ ….

සිටු කුමාරියේ …. නුඹට සීතල අගුණයි
වේල්පටින් මිදුනු දාට වැහි පිණි අපලයි
ප්‍රේමාතුර නුඹේ හිතට අග හිඟ නරකයි
අග හිඟ නරකයි ….
සිටු කුමාරියේ …. නුඹට සීතල අගුණයි
වේල්පටින් මිදුනු දාට වැහි පිණි අපලයි

කණකර අන් සන්තක වී ජීවිත සින්න වී
පෝරුව ලෙඩ ඇඳක් වෙලා අම්මා නින්දේ
කුමාරියේ නුඹට කොහොම ඒක කියන්නේ ….
ඒක කියන්නේ ….

සිටු කුමාරියේ …. නුඹට සීතල අගුණයි
වේල්පටින් මිදුනු දාට වැහි පිණි අපලයි
ප්‍රේමාතුර නුඹේ හිතට අග හිඟ නරකයි
අග හිඟ නරකයි ….
සිටු කුමාරියේ …. නුඹට සීතල අගුණයි
වේල්පටින් මිදුනු දාට වැහි පිණි අපලයි

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply