සුබ ප්‍රාර්ථනා කියමන් | Suba Prarthana Kiyamin by Gunadasa Kapuge

Sinhala song lyrics with music notes illustration

සුබ ප්‍රාර්ථනා කියමන් …. සුබ ප්‍රාර්ථනා කියමන්
මා වටකර සතර දෙසින් ගිලිහෙන මුත් මුවට මුවින්
ඔබේ මුවින් නැති පැතුමන් මට නැත අගනේ
සුබ ප්‍රාර්ථනා කියමන් …. සුබ ප්‍රාර්ථනා කියමන්
සුබ ප්‍රාර්ථනා

මා ඈ කර මාල බඳින්නේ
ඔබේ නෙත් තරු සැලී දිලෙන්නේ
මා ඈ ගත සළු පළඳින්නේ
ඔබේ නෙත් අග කඳුළු පිරෙන්නේ
ගිඟුම් හඩින් මගුල් සිලෝ පෝරුව දෙදරයි
සුබ ප්‍රාර්ථනා කියමන් …. සුබ ප්‍රාර්ථනා කියමන්
සුබ ප්‍රාර්ථනා

මධුසමයට මගට බහින්නේ
ඔබේ නෙත් පෙර මග හමුවන්නේ
රහසින් බැඳි පෙම සිහිවන්නේ
අප මින් මතු නැත හමුවන්නේ
ඔබ අන්සතු ළඳක් කියා ඇයි මට කීවේ
සුබ ප්‍රාර්ථනා කියමන් …. සුබ ප්‍රාර්ථනා කියමන්
සුබ ප්‍රාර්ථනා

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply