තිසර තුඩට | Thisara Thudata by Gunadasa Kapuge

Sinhala song lyrics with music notes illustration

තිසර තුඩට තුඩ නගන්න ඉඩ හරින්න රාධා
මහද සුරත් නෙලුම් කැකුල දැදුරු වෙන්න පාරා
දුනු දියෙන් මිදී මද රද රාව නගන මීපා
ලලිත ලවන සිඹ රඟන්න ඉඩ හරින්න රාධා

කොලොම් වන හිසේ මුවරද මමන මද පොතේ සීතල
වපුල කලාපේ මංගල යහන් සළුව සෝදා
සුසුම් වලින් වියැලෙන්නට ඉඩ හරින්න රාධා

තිසර තුඩට තුඩ නගන්න ඉඩ හරින්න රාධා
මහද සුරත් නෙලුම් කැකුල දැදුරු වෙන්න පාරා
දුනු දියෙන් මිදී මද රද රාව නගන මීපා
ලලිත ලවන සිඹ රඟන්න ඉඩ හරින්න රාධා

නියඟලා මලින් සෝභන කළිඳු ගං තෙරේ වන ගැබ
දිය ගෙවල පිරුනු උණුසුම නිවාලන්න රාධා
ලහෝ පලු සිහින හෙල්මැලි සඳුන් කල්ප තවරා

තිසර තුඩට තුඩ නගන්න ඉඩ හරින්න රාධා
මහද සුරත් නෙලුම් කැකුල දැදුරු වෙන්න පාරා
දුනු දියෙන් මිදී මද රද රාව නගන මීපා
ලලිත ලවන සිඹ රඟන්න ඉඩ හරින්න රාධා

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply