ප්‍රේමනීය උනුසුම | Premaneeya Susuma by Dinupa Kodagoda [2020]

ප්‍රේමනීයම සුසුම් සිර කර
හදවතේ ගැඹුරේ
වේදනා දෙන මතකයේ මායා
සල රූ මවනා හිතේ අතරමං වී
මට ද මා නැති වූ ආදරේ

දෙනෝදාහක් ලෝකයා
ඉවත හළ ජීවිතේ
ගැහෙන හුස්මේ කැටිව පණ නල
පුරා සැරිසරනා
අහිමි හිම්කම ආදරේ

දෑත දිගුකර අඬගසා
වසා ගමි නෙත් පිය වසා
සියුම් රිදුමක් ඉතිරි කර දා
නික්ම යන මාවතේ සරනා

මට ද මා නැති වූ ආදරේ
අහිමි හිම්කම ආදරේ
මට ද මා නැති වූ ආදරේ
අහිමි හිම්කම ආදරේ

මට ද මා නැති වූ ආදරේ

written by Dinupa Kodagoda

Leave a Reply