මහජනතාවෝ | Mahajanathawo by Nadika & Dinupa ft. THEEVRA

Sinhala song lyrics with music notes illustration

දහඩිය වගුරා කැටයම් ඔපලා
ඔටුනු තනන්නෝ
කම්කරුවෝ
කෙත පූදින්නට පස පෙරලන්නට
නගුල තනන්නෝ
කම්කරුවෝ

ඇඟිලි කපාගෙන මාල තනන්නට
සොරුන් හදන්නෝ
ගුරු දෙවියෝ
බුදුන් දකින්නට පාර කියා
විවරණ දෙන්නෝ
ගුරු දෙවියෝ

ප්‍රශස්ති කියනා වන්දිභට්ටයෝ
රාජ සභා හොබවන
මහ කවියෝ
විමුක්තියේ බලවේගෙට
උදාන ගී ලියුවෝ
පොළොවේ පය ගැටුණා
මහ කවියෝ
මහ කවියෝ

ඇඟිලි කපාගෙන මාල තනන්නට
සොරුන් හදන්නෝ
ගුරු දෙවියෝ
බුදුන් දකින්නට පාර කියා
විවරණ දෙන්නෝ
ගුරු දෙවියෝ

ඔටුනු තනන්නෝ කම්කරුවෝ
සොරුන් හදන්නෝ
ගුරු දෙවියෝ
ප්‍රශස්ති කියනා මහ කවියෝ
රට කරවන
මහ ජනතාවෝ

බැත සරි කරනා ගොවියෝ
බුදු මග කියනා ගුරු දෙවියෝ
විමුක්ති ගී ලියු මහ කවියෝ
රට කරවන
මහජනතාවෝ

හිට්ලර් වගේ රජවරු බිහි වන්නට
පාර කපන්නෝ ජනතාවෝ
ගාන්ධි මැඩ්බා කැස්ත්‍රෝ
නැගුවේ රට කරවන්නෝ
මහ ජනතාවෝ

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply