මුදු උවන පින් බරයි | Madu Uvana Pinbarai by Dinupa Kodagoda [2021]

මුදු උවන පින් බරයි
බෝ බැතින් හිත පිරෙයි
පන්කුලියේ හිමි ඔබයි
ගුණ කඳ දිසෙන රුවයි
හදේ සතුට පිරෙයි
හිතේ බිය මග හැරෙයි
කළුගඟ නිසලව ගලා බසී..
නිසලව ගලා බසී..

සඳ රේණු බිම හැලෙයි
තරු කෙඳිති මනහරයි
බෝ සෙවන ඉන් පිරෙයි
හදේ සතුට පිරෙයි..
අවිදු ඝණඳුරින් මිදී කෙලෙසුන් කෙරෙන්
සොඳුරු බණ සිසිලසින්
කළුගඟ නිසලව ගලා බසී..
නිසලව ගලා බසී..

නිසල සෙල බිඳේ
සමිඳුගේ රුව මැවේ
බැති සිත දෑතින් නිමැවේ..
නිවන් යන මග දුරයි
නමුදු සිත හිමි ළඟයි
සසර කෙටි වනු හැඟේ
කළුගඟ නිසලව ගලා බසී..
නිසලව ගලා බසී..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *