ඉඟ සුඟ නලවන | Iga Suga Nalawana by Buddhika Ushan

Sinhala song lyrics with music notes illustration

ඉඟ සුඟ නලවන රුවැත්තී නෙතු රවටන යුවැත්තී
ප්‍රේමණීයයි ඔබගේ සේයා
ඉඟ සිත නලවන මුවැත්තී හද කකියන හැඩැත්තී
ශෝබනීයයි ඔබගේ මායා
මිහිරාවී මාගේ ඔබ මාගේ සඳනාරී
මන ලෝලී ප්‍රේමී රසවන්තී පෙම්වන්තී
සුකුමාලී මාගේ ඔබ මාගේ මනහාරී
රුචිරාණී නාරී ඔබ වෙනුවෙන් හද පුදමී….

ඉඟ සුඟ නලවන රුවැත්තී නෙතු රවටන යුවැත්තී
ප්‍රේමණීයයි ඔබගේ සේයා
ඉඟ සුඟ නලවන මුවැත්තී හද කකියන හැඩැත්තී
ශෝබනීයයි ඔබගේ මායා….

සඳ මුවාවී යන වෙලාවේ ඔබෙ රුව ගැන
සිත සිත හද හඬමින් ‍රැය ගෙවෙන්නේ
තරු පහන්වී දැල් උනාවේ
ඔබේ නිල් නෙතු යුග තරු පොකුරු පරදවා දිලෙන්නේ
මට හිතා ගන්න බැරි ඔබේ ආදරේ
දරා ගන්න බෑ ඔබේ සිතෙන්
වෙනස් වී යයිද ඔබේ මේ ආදරේ….

ඉඟ සුඟ නලවන රුවැත්තී නෙතු රවටන යුවැත්තී
ප්‍රේමණීයයි ඔබගේ සේයා
ඉඟ සුඟ නලවන මුවැත්තී හද කකියන හැඩැත්තී
ශෝබනීයයි ඔබගේ මායා….

ඔබේ සිනාකැන් මට මතක් වී
ඔබ නැති හැම දිනකම ළඟ සිටියා මං තුරුල් වී
මම හඬාවී ඔබ සිනාසේ
මම ඔබ ලඟ සිටි හැම මොහොතෙම ඔබ නෑ තුරුල්ලේ
මට හිතා ගන්න බැරි ඔබේ ආදරේ
දරා ගන්න බෑ ඔබේ සිතෙන්
වෙනස් වී යයිද ඔබේ මේ ආදරේ…

ඉඟ සුඟ නලවන රුවැත්තී නෙතු රවටන යුවැත්තී
ප්‍රේමණීයයි ඔබගේ සේයා
ඉඟ සුඟ නලවන මුවැත්තී හද කකියන හැඩැත්තී
ශෝබනීයයි ඔබගේ මායා….

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply