හදිස්සියට උගස් තිබ්බ මගේ ආදරේ
අහස උසට පොලී වෙලා ප්‍රේමියේ
බෙර ගන්න බෑ මගේ හිත කුඩුවේ
සින්න වෙන්න දෙන්න වෙනවා පාඩුවේ
ආදරේ මගේ ආදරේ සින්න වෙන්න
දෙන්න වෙනවා පාඩුවේ
සින්නකර අයිතිය අපි දෙන්නාගේ
උගස් තිබ්බේ ඔබට නොදැනී සීරුවේ
අයිතිවාසිකම් කීවත් පෝරුවේ
පිං කරලා මදි අපි නම් පූරුවේ
ආදරේ මගේ ආදරේ සින්න වෙන්න
දෙන්න වෙනවා පාඩුවේ
ආදරේ මගේ ආදරේ සින්න වෙන්න
දෙන්න වෙනවා පාඩුවේ
හදිස්සියට උගස් තිබ්බ මගේ ආදරේ
අහස උසට පොලී වෙලා ප්‍රේමියේ
බෙර ගන්න බෑ මගේ හිත කුඩුවේ
සින්න වෙන්න දෙන්න වෙනවා පාඩුවේ
ආදරේ මගේ ආදරේ සින්න වෙන්න
දෙන්න වෙනවා පාඩුවේ
කාසි කැටේ එකතු කරත් කාලයක්
අපිට කොහෙද රංකහවණු කෝටියක්
පාන්දරට ඇහැ නොහැරෙන හීනයක්
දකින්න බෑ හීන කඩේ හොරු අරං
ආදරේ මගේ ආදරේ සින්න වෙන්න
දෙන්න වෙනවා පාඩුවේ
ආදරේ මගේ ආදරේ සින්න වෙන්න
දෙන්න වෙනවා පාඩුවේ
හදිස්සියට උගස් තිබ්බ මගේ ආදරේ
අහස උසට පොලී වෙලා ප්‍රේමියේ
බෙර ගන්න බෑ මගේ හිත කුඩුවේ
සින්න වෙන්න දෙන්න වෙනවා පාඩුවේ
ආදරේ මගේ ආදරේ සින්න වෙන්න
දෙන්න වෙනවා පාඩුවේ