හමනා සුලඟේ | Hamana Sulange by Ajith Bandara

Sinhala song lyrics with music notes illustration

හමනා සුලඟේ සිසිලස අස්සෙන් මට හැඟුනේ
රෑ අහසේ තරු රටා අතරේ මට පෙනුනේ
වනයේ වන මල් අතරින් මට දැනුනේ
ඔබේ මේ සෙනෙහස නොමියෙයි කියා
ඔබේ මේ සෙනෙහස නොමියෙයි කියා

උමතු වී වැලි කතරේ දිය බිදක් සොයමි මා
සීත නිම්නෙක තනිවී උණුහුමක් සොයමි මා
උමතු වී වැලි කතරේ දිය බිදක් සොයමි මා
සීත නිම්නෙක තනිවී උණුහුමක් සොයමි මා
අහිමි සෙනෙහස අරුමය මා කොතරම් සෙව්වත්
අවසානයක් නෑ මා දුටුවේ
මිරිඟු මහ සාගරේ මිරිඟු මහ සාගරේ

හඩන හිනැහෙන හදවතින් ඔබ මට දැනුනත්
හැම කදුලක හැම සිනාවක නුඹ රැදුනත්
හඩන හිනැහෙන හදවතින් ඔබ මට දැනුනත්
හැම කදුලක හැම සිනාවක නුඹ රැදුනත්
අරුත නොපෙනෙන මිරිඟු සාගරේ කිමිදුනත්
අවසානයක් නෑ මා දුටුවේ
මිරිඟු මහ සාගරේ.. මිරිඟු මහ සාගරේ

හමනා සුලඟේ සිසිලස අස්සෙන් මට හැඟුනේ
රෑ අහසේ තරු රටා අතරේ මට පෙනුනේ
වනයේ වන මල් අතරින් මට දැනුනේ
ඔබේ මේ සෙනෙහස නොමියෙයි කියා
ඔබේ මේ සෙනෙහස නොමියෙයි කියා

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply