හමුවීම වෙන්වීම | Hamuweema Wenweema by Manjula P

Sinhala song lyrics with music notes illustration

හමුවීම වෙන්වීම ලෝකේ හැටි
හැම භවයේ අපි මෙහෙම සමුගන්නැති
අපෙ වැරදි නොව ඒ මේ සසරේ හැටි
හැම සතුට කෙළවරම දුකකුත් ඇති

හදේ උතුරනා විරහ වේදනා
දරාගන්න දෝ මා කෙසේ
මගේ පණ ඔයා දුකින් ඉන්නෙපා
සිතින් සෑමදා මා ඔබේ

ඔබෙ සතුට පතලා ඈත්වීලා යනවා
මුන නොගැහෙනා සේ යලී
අවසාන මොහොතේ ඔබෙ දෑස දැකලා
මියැදෙන්න තිබුනොත් ඇති
ඔබෙ නාමෙන් මැරිලා නිගා දෙන්නෑ කිසිදා
එක්වෙන්න මතු යුගයේදී – පෙරුමන් පුරා මා ඉමී

අතගන්න මතුදා ඔබෙ වෙන්න පතලා
මා කෙරුව පින් මදි ඇති
ඔබෙ කඳුළු පිසදා හිනැහෙන්න සැමදා
සැනසෙන්න මට ඒ ඇති
ඔබෙ නාමෙන් මැරිලා නිගා දෙන්නෑ කිසිදා
එක්වෙන්න මතු යුගයේදී – පෙරුමන් පුරා මා ඉමී

හමුවීම වෙන්වීම ලෝකේ හැටි
හැම භවයේ අපි මෙහෙම සමුගන්නැති
අපෙ වැරදි නොව ඒ මේ සසරේ හැටි
හැම සතුට කෙළවරම දුකකුත් ඇති

written by Kushan Maneendra

manjula pushpakumara , pushpakumara , manjula , flashback , hamuweema wenweema , lakmal,superstar , langa , sanda , sajith , sinhala , thusith , srilanka , sindagana , sathiyajith , entertainment , roshan fernando , me.lk , sirasa , dilpahan , niroshan , mage jeewithe , mage jeewithe sondure oba pamanai , new , videos

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply