යසෝදරා කවියකි | Yasodara Kaviyaki by Sanjeew Lonliyes [2022]

සුන්දර විමන අසලින් යන වෙලාවේ
පිනි බිදු ඇවිස්සූ වැස්සකි වළාවේ
ඒ වැසි නිසයි ගොඩවූවේ අවේලේ
වැහැපන් හෙටත් දොඹ වැසි මේ වෙලාවේ

පැලලි දොර තබා ගියෙ අපෙ අයියණ්ඩි
තිලිණ ලද හැකියි යහමින් පොල් අල්ලී
ලැජ්ජා ඉවසලා, වැදගෙන වැට එල්ලී
මන්ද ඔය තරම් පැද්දෙන ඔංචිල්ලි

මා වෙමි එගොඩහේ වල් ඉම රැහැපු එකා
සැනසී උස් මුවින් ජනකවි කියපු එකා
රත් හෝපලු ගසේ මල්වර ලකුණු හොවා
කැන්දා යන්ට හෙට එන්නද සෙනෙහෙ පපා

වැස්ස හොදා සපුමල් පිනි ඉහ ගන්ට
දුස්ට කතා නොකියා හිට කවියන්ට
පස්ස හොදා වැසි දවසට ළෙලවන්න
මැස්ස ගසා මල් එලපන් ගෙට එන්ට

ගැහැණු හැමොත් නොම වරදේ බැදෙන්නේ
යසෝදරා කවියකි උඹ බුදුන්ගේ
නොපිපි මලෙක පෙති තෙමිලද බලන්නේ
අවුව තියා, ඉර දෙයියනි වඩින්නේ

written by Sooriya Sihabahu

Leave a Reply