දෑසෙ ආදරේ | Dase Adare by Ruwan Hettiarachchi

දෑසෙ ආදරේ තියේවී
හාදු වැස්සෙ මා තෙමේවී
ගීතයක් ගැයේවි නුඹ නිසා

පාළු ජීවිතේ මැකේවී
හදවතේම නුඹ රැඳේවී
හීනයක් නොවේවි පෙම් කතා

මාගේ ආලේ
සීමා නෑ නේ
තාලේ මා නලවනා
හීනේ වාගේ
සේලේ පාවේ
ආශා වේ සැතපෙනා

මම දන්නෑනේ
තේරෙන්නෑනේ
මේ ආදරේද මාව උමතු කරනා

මම දන්නෑනේ
තේරෙන්නෑනේ
මේ ආදරේද මාව උමතු කරනා

සවන් පිරේ කියන් සදේ
මමයි ඔයාගේ
නුඹෙයි මගෙයි කතන්දරේ
හෙටින් උදාවේ

පවන් රොදේ වෙලෙන් ඇඟේ
දෙතොල් විමානේ
සැරින් සැරේ හැගුම් පිරේ
යහන් තලාවේ

හරි ආදරෙන් ගෙනා සෙනෙහසේ කාරනා
පිලිගන්නවාද මමයි ඔයාගේ

මම දන්නෑනේ
තේරෙන්නෑනේ
මේ ආදරේද මාව උමතු කරනා

මම දන්නෑනේ
තේරෙන්නෑනේ
මේ ආදරේද මාව උමතු කරනා

දෑසෙ ආදරේ තියේවී
හාදු වැස්සෙ මා තෙමේවී
ගීතයක් ගැයේවි නුඹ නිසා

පාළු ජීවිතේ මැකේවී
හදවතේම නුඹ රැඳේවී
හීනයක් නොවේවි පෙම් කතා

මාගේ ආලේ
සීමා නෑ නේ
තාලේ මා නලවනා
හීනේ වාගේ
සේලේ පාවේ
ආශා වේ සැතපෙනා

මම දන්නෑනේ
තේරෙන්නෑනේ
මේ ආදරේද මාව උමතු කරනා

මම දන්නෑනේ
තේරෙන්නෑනේ
මේ ආදරේද මාව උමතු කරනා

written by Sajith Akmeemana

Leave a Reply

Your email address will not be published. Required fields are marked *