මගේ ඇස් | Mage As Piyena Thura by Gayan Arosh [2017]

Sinhala song lyrics with music notes illustration

මගෙ ඇස් පියෙන තුරා
රත්තරනේ ඔබෙම තමා
නුබ දන්නෑ කිසිදා
ඔබ මගෙ මුළු ලොවම කියා

පන මගේ මං වගේ පෙම්වතෙක් නෑ ලොව කිසිදා
අද වගේ මතකයේ තියෙනවා ඔය රුව ඇදිලා
ඉන්න තැනක ඔයා සුවෙන් හිදිනු සදා
සසර ගමනෙදි මා පැතුවෙ ඔබම තමා

පෙර වගේ
මුන ගැසුනු සේ
හමුවන්න බෑනේ ලංවීලා
මේ භවේ
අපි විදි සෙනේ
මතු ලොවක විදිමු එක් වීලා

අපි අපේ නොවුනත් ප්රියේ
මට ඉන්න දෙන්න තහනම් සිතේ
පන මගේ මන් වගේ පෙම්වතෙක් නෑ ලොව කිසිදා
අද වගේ මතකයේ තියෙනවා ඔය රුව ඇදිලා

පෙම් කලේ ඇයි අප මෙසේ
හැමදාම ඉන්නෙ කදුලින්නේ
හැම වෙලේ මං පැතුව සේ ඔබ ඉන්න ඕනි සතුටින්නේ
මට ඔබේ තුරුලේ ප්රියේ මියැදෙන්න දෙන්න අවසන් පැයේ
පන මගේ මන් වගේ පෙම්වතෙක් නෑ ලොව කිසිදා
අද වගේ මතකයේ තියෙනවා ඔය රුව ඇදිලා

මගෙ ඇස් පියෙන තුරා
රත්තරනේ ඔබෙම තමා
නුබ දන්නෑ කිසිදා
ඔබ මගෙ මුළු ලොවම කියා
පනවගේ මන් වගේ පෙම්වතෙක් නෑ ලොව කිසිදා
අද වගේ මතකයේ තියෙනවා ඔය රුව ඇදිලා
ඉන්න තැනක ඔයා සුවෙන් හිදිනු සදා
සසර ගමනෙදි මා පැතුවෙ ඔබම තමා

written by Sajith Akmeemana

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply