හීනයක් | Heenayak by Mahiru Senarathne ft. Gagana Hirusha [2020]

Sinhala song lyrics with music notes illustration

හීනයක් ඔහේ පෙනුනා

හීනයක් නිමා නොවනා

හීන අතරේ නිමා වන ආදරේ

නිසල අඳුරේ ඔබ හා

ඇවිද යන හීනයක්

සිනහව අතරින් පැන යන හීන මතක 

අතරෙ සිතුවිලි බිඳ සිරකුටි බඳින 

පෙම් යුවල් අතරෙ මම හෙව්වා 

හීනයක් ඇතුලෙ අර්තයක්

ඔබ අතගෙන පිය මනින අඳුරු මාවතේ 

එලිය නෑ ප්‍රියේ ඒත්

හීන මොකද නිතර විහිලුවකට මට 

මුන ගැස්සුවෙ මුන ගැස්සුවේ

සීතල යුද පිටියක තනිව 

ලියන ඩයරි පොතක

නිහඩ පවුරු බිඳින 

අවිහිංසක කඳුලු බිඳුව

හීනෙන් ඇහැරෙනකොට 

හිතට දැනුන වේදනාව

මැරෙන තෙක්ම නොමැරි 

අඳුරු ලොවේ හිර කරන්න

හීනයක් ඔහේ පෙනුනා…

රෝමාන්තික හීන චිත්‍රපට අතරින්

රාග ද්වෙශ මෝහ විවිධ වර්ණ සිතු අඳිමින්

සිතුවිලි විඳිමින්

සිහිනය තුල ඇවිද ඇවිද සොයමින්

ඇය ගියා

හීනයක්

written by Mahiru Senarathne 

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply