පතිනියනේ | Pathiniyane by Kanchana Anuradhi [2026]

මා හෙළනා මේ උණු
කඳුළත් උහුලාපන් ලෙහෙනියනේ
මා වෙනුවෙන් මේ මහ මුහුදත්
හින්දාපන් ලෙහෙනියනේ

මා හඬනා මේ වැළපුමටත්
කන් දීපන් පතියනියනේ
මා වෙනුවෙන් මේ පඬිපුරයත්
ගිනි තියපන් පතිනියනේ

දරුවන් හොයමින් යුධ බිම් මැද
සොයුරන් හොයමින් යුධ බිම් මැද
ප්‍රියයන් හොයමින්මරු කතරේ…
උන්ගේ ලේ පිහදා දාපන්
සුදු හැඳගත් මැතිණියණේ !

මග්දාලේනාවන් නම් අපි
ගල් ගhaපන් මහරජුනේ
භද්‍රාකල්පය පවතිනකන්
පව් හෝදා හැරපන්නේ….

පතිනිය අදටත් මේ බිම මත
පියයුර සිඳිමින් විසිකර යත්නම්
කඳුළින් මව්වරු මේ බිම මත
දරු ගින්නෙන් ඇවිළී යා නම්
දියණිය සොයුරිය මේ අඳුරෙම
හිරු නොදැකම මියයනවානම්

දෙවියන් මැව් මේ මහ පොළොවම
ඒ ගින්නෙන් අළුවී යත්දෙන්
දෙවියන් මැව් මේ මහ පොළොවම
ඒ ගින්නෙන් අළුවී යා..දෙන්

මග්දාලේනාවන් නම් අපි….//

ගිනි තියපන් පතිතියනේ…//

written by Chamal Akalanka Polwaththage

Song Summary

A powerful protest song that mourns war, injustice, and suffering, while fiercely condemning silence, cruelty, and moral hypocrisy.

Song Meaning

This song is a raw cry of pain, anger, and resistance against war and inhumanity. The singer calls on the land, the sea, mothers, wives, and even gods to witness unbearable suffering—tears, bloodshed, and burning cities endured for others. Images of mothers, sisters, children, and loved ones searching for one another in war zones highlight the human cost of violence.

By invoking figures like Magdalene, the song challenges moral judgment and societal hypocrisy, questioning who is truly sinful when innocence is destroyed. It condemns leaders, systems, and divine silence that allow endless cycles of suffering.

Ultimately, the song expresses despair so deep that it wishes the very earth would burn rather than continue bearing injustice. It is a fierce anti-war statement demanding accountability, compassion, and truth.

Leave a Reply