සඳ පාන වාගේ | Sanda Pana Wage by Rookantha Gunathilaka

සඳ පාන වාගේ දිලෙන්නේ
ඔබමයි හදෙහි රැඳෙන්නේ
නිල් විල් ජලාසේ හංසිය විලාසේ
මා හද විලේ සැරිසරන්නේ

සඳ පාන වාගේ දිලෙන්නේ
ඔබමයි හදෙහි රැඳෙන්නේ
මල් මාවතේ සැරිසරාලා
නැළවුණු ළඳේ තුරුලු වීලා
සමනල්ලු කෝ අද ගිහිල්ලා
මල් ගොමුවේ නෑ මල් පිපීලා
ඔබ නොඑන මේ බිම් තලාවේ
පාළුව හඬයි රෑ දවාලේ
කවදාක හෝ යළි සිනාසෙයි ආයේ
ආවා කියා පෙම්බරාවී
හද වේදනාවන් නිවේවී

සඳ පාන වාගේ දිලෙන්නේ
ඔබමයි හදෙහි රැඳෙන්නේ
නිල් විල් ජලාසේ හංසිය විලාසේ
මා හද විලේ සැරිසරන්නේ

සඳ පාන වාගේ දිලෙන්නේ
ඔබමයි හදෙහි රැඳෙන්නේ
නිල්වන් ගැබේහි පියාඹා
එන්නම් ප්රියේ ඔබ සොයාලා
සිඳලන්න මේ කඳුළු ගංගා
හද වේදනා මදිද වින්දා

යළි මාවතේ මල් පිපීලා
සමනල්ලු රෑනෙ පිරීලා
ඔබ මා ළඟින් ඉන්නවානම් ආයේ
මල් මී වසන්තේ උදාවී
හද වේදනාවන් නිවේවී

සඳ පාන වාගේ දිලෙන්නේ
ඔබමයි හදෙහි රැඳෙන්නේ
නිල් විල් ජලාසේ හංසිය විලාසේ
මා හද විලේ සැරිසරන්නේ

සඳ පාන වාගේ දිලෙන්නේ
ඔබමයි හදෙහි රැඳෙන්නේ

Song Summary

A romantic song about deep longing, where the beloved shines like moonlight in the heart, and hope of reunion brings dreams of healing and renewed joy.

Song Meaning

The song expresses tender love and yearning, comparing the beloved to moonlight that softly illuminates the singer’s heart. She is imagined as a graceful swan gliding through a blue lake, symbolizing purity, beauty, and calm presence within his emotions. In her absence, the world feels empty—flowers no longer bloom, butterflies disappear, and loneliness cries day and night.

Despite the pain, the singer holds onto hope. He dreams of searching for her, wiping away tears, and easing the river of sorrow within his heart. If she were to return, life would bloom again like spring, filling the world with flowers, butterflies, and warmth. Ultimately, the song is about unwavering love, emotional pain caused by separation, and the belief that love’s return can heal all heartache.

Leave a Reply