මිරිඟුවක්ද මංදා | Miriguwak Da Manda by Theekshana Anuradha

ඔබ මිරිගුවක්ද මංදා
මට දුරයි වගෙද මංදා
කොයි කාට හිමිද මංදා
මන් ප්‍රමාදයිද මංදා
තාම කුලුදුල් මේ සෙනෙහේ
ඔබට භාරයි ප්‍රේමියේ
වරම් ඇත්නම් හදවතේ
ලැගුම් ගන්නම් ජීවිතේ

ආත්ම ගානක් බැදුනා
මගේ වගේ ඔබ දැනුනා
ජීවිතයේ තනි මැකුනා
අපිට අපිව මුන ගැහුනා

ආත්ම ගානක් බැදුනා
මගේ වගේ ඔබ දැනුනා
ජීවිතයේ තනි මැකුනා
අපිට අපිව මුන ගැහුනා

පෙම් පාටයි සුදු මුහුණ
හුරු පුරුදුයි ඔය බැල්ම
මට ලැබෙනවා නම් ඔබව
රැක ගන්නම් පන සේම

පෙම් පාටයි සුදු මුහුණ
හුරු පුරුදුයි ඔය බැල්ම
මට ලැබෙනවා නම් ඔබව
රැක ගන්නම් පන සේම

ආත්ම ගානක් පතාන එනවද
මංදා අපි දෙන්නා

ආත්ම ගානක් බැදුනා
මගේ වගේ ඔබ දැනුනා
ජීවිතයක තනි මැකුනා
අපිව අපිට මුන ගැහුනා

ආත්ම ගානක් බැදුනා
මගේ වගේ ඔබ දැනුනා
ජීවිතයක තනි මැකුනා
අපිව අපිට මුන ගැහුනා

සංසාරික ආදරය
මේ භවයෙත් මා ලගය
නුඹෙ වචනය දෙන දිනය
වැඩි ඈතක නෑ වගෙය

සංසාරික ආදරය
මේ භවයෙත් මා ලගය
නුඹෙ වචනය දෙන දිනය
වැඩි ඈතක නෑ වගෙය

ආත්ම ගානක් පතාන එනවද
මංදා අපි දෙන්නා
මිරිගුවක්ද මංදා

ආත්ම ගානක් බැදුනා
මගේ වගේ ඔබ දැනුනා
ජීවිතයක තනි මැකුනා
අපිව අපිට මුන ගැහුනා

Leave a Reply