සිරිලක පිරි අවුරුදු සිරි | Sirilaka Piri Awurudu Siri by Rohana Baddage and Various Artists

මේ අවුරුද්දේ
කිරි ඉතිරෙන්ටයි
රට වැසියන්ගේ
ආයු වැඩෙන්නයි

රට පුරාම අවුරුදු සිරි
මේන් බලන් රඑරබදු මල්
බක් මාසේ මංගල්ලේ ගමට ඇවිල්ලා
මීන රාශියෙන් හෙමිහිට
මේෂ රාශියට පැමිනෙන
හිරු දෙවිදුගේ මංගල්ලේ මේන් බලල්ලා

සිතගේ පැතුම් ඉටුවේ
මුවගේ සිනා වෑහේ
සිරිලක පිරි අවුරුදු සිරි මේ

සිතගේ පැතුම් ඉටුවේ
මුවගේ සිනා වෑහේ
සිරිලක පිරි අවුරුදු සිරි මේ

ගමේ පැටව් ගැටිස්සියන්
ගම් මැද්දේ රංචු ගැසී
අවුරුදු ජන කෙලි අතරේ
කරක් ගහන්ටා
ආච්චිඒ තාච්චියේ හැඩට නටන
කොන්ඩ කැවුම් රහ බලන්න
වරෙව් වරෙව් මෙහෙට වරෙල්ලා

සිතගේ පැතුම් ඉටුවේ
මුවගේ සිනා වෑහේ
සිරිලක පිරි අවුරුදු සිරි මේ

සිතගේ පැතුම් ඉටුවේ
මුවගේ සිනා වෑහේ
සිරිලක පිරි අවුරුදු සිරි මේ

අටු කොටු සරු වෙන්ටයි
දොම්නස් දුරු වෙන්නයි
පහුගිය දොහේ අබර දබර
දුරු වෙලාම යන්නටයි

සිතගේ පැතුම් ඉටුවේ
මුවගේ සිනා වෑහේ
සිරිලක පිරි අවුරුදු සිරි මේ

සිතගේ පැතුම් ඉටුවේ
මුවගේ සිනා වෑහේ
සිරිලක පිරි අවුරුදු සිරි මේ

කුඹුක් ගහේ ඔන්චිල්ලේ
නැගෙනා වාරම් මැද්දේ
ආන් බලන් ටිකිරි නගා
රන් ඔන්චිල්ලේ
රැක නැකතේ වැඩ ඇල්ලේ
මුලු ගමේම හරි සද්දේ
නැකත් වෙලාවත් කිට්ටුයි
වරෙව් ළමයිනේ

සිතගේ පැතුම් ඉටුවේ
මුවගේ සිනා වෑහේ
සිරිලක පිරි අවුරුදු සිරි මේ

සිතගේ පැතුම් ඉටුවේ
මුවගේ සිනා වෑහේ
සිරිලක පිරි අවුරුදු සිරි මේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *