කවියක් ලීවා | Kaviyak Leeva by Tharuka Nayanajith [2021]

කවියක් ලීවා
මගේ හද පුරා
ඔබේ සුසිනිදු ඇගිලි තුඩින්

තනුවක් වීලා මගේ
දෙසවනම පුරා
සිංදුවක් වෙලා ජීවිතේ

ලා ලා ලාස්සනයි
ඔබේ මුවේ සිනා මැවේ
ලා ලා ලාස්සනයි
ඔබේ මුවේ සිනා රැදේ

ආදරේ

අපි පෙම් බැදි ලෝකේ
කදු පීරා ගිරි හිස් අතරින්
පියඹා පියඹා ආකාසයේ

සැතපුම් කනු නොපෙනෙන
මං මාවත් අතරින්
දිව යමු අතිනත් පටලා
පෙම් පාරාදීසේ

ලදුනේ ඔබගේ
මුහුනේ සද ඇදිලා
දෙහදේ පැතුමන්
එකතැනක නොනිමිලා

ලා ලා ලාස්සනයි
ඔබේ මුවේ සිනා මැවේ

Leave a Reply