කතාවක් | Kathawak by Tharuka Nayanajith ft. Sachee Maduranga [2020]

ආදර මල් හැලෙන කොදෙව්වක
මාරුත සුව දැනෙන ඉසව්වක
ජීවිතයක තනී මීවිතයක පෙඟී
ආතුර හිත කියන කතාවක්
හීතල හිත රැඳුණු කතාවක්

ජීවිතයට හීන ගේන ප්‍රේම අම්බරී
මා ළඟින්ම ස්නේහෙ පෑව චන්ද්‍ර කින්නරී
මන්දාර මල් පවා සුපිපේවි නුඹ පතා
හිත තාම විඳිනවා ප්‍රේමී

මාරුතයට මීදුමාර පාවෙලා ඇවිත්
ආදරේ කතා මකා ගිලිහුණා හෙමින්
නුඹ පෑව පෙම දවා මම බෝම දුර ගියා
හිත තාම තැවෙනවා ප්‍රේමී

ආදර මල් හැලෙන කොදෙව්වක
මාරුත සුව දැනෙන ඉසව්වක
ජීවිතයක තනී මීවිතයක පෙඟී
ආතුර හිත කියන කතාවක්
හීතල හිත රැඳුණු කතාවක්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *