ගමේ එවුන් | Game Ewun by Hashan Handapangoda [2021]

Sinhala song lyrics with music notes illustration

පාළු මකා
පැදුරේ රටා දමා
ඔය ගහක් යටින් එලාගමු සුදා

වැඩි සීනි දමා
තේකක් ගමුකෝ හදා
මේ සීතෙට මං මනාපයි නගා

ගමේ එවුන් ගිනාවෙයි කියා
කියලා ඉතින් දුරින් ඉන්නෙපා
කොල්ලන්ගේ ඇහේ බබා නටනවා
මාව මරං කන්න හිතනවා

ගමත් එකයි
රටත් එකයි
ඕනෙතැනක් අපට එකයි
නෑ සීමා දාලා

උඹත් එක්ක පවුල් වෙන්න
පවුල් වෙලා හොදින් ඉන්නවා
දිවුරා කිව්වා

ගමේ එවුන් ගිනාවෙයි කියා
කියලා ඉතින් දුරින් ඉන්නෙපා
කොල්ලන්ගේ ඇහේ බබා නටනවා
මාව මරං කන්න හිතනවා

ගහක් වැලක් වවං ඉන්න
රටට බරක් නොවී ඉන්නවා
මා නම් ඉන්නවා

හෙමින් හෙමින් එකතු කරලා
ලමයි හතක් හදමු කියල කියලා බැලුවා

ගමේ එවුන් ගිනාවෙයි කියා
කියලා ඉතින් දුරින් ඉන්නෙපා
කොල්ලන්ගේ ඇහේ බබා නටනවා
මාව මරං කන්න හිතනවා

පාළු මකා
පැදුරේ රටා දමා
ඔය ගහක් යටින් එලාගමු සුදා

වැඩි සීනි දමා
තේකක් ගමුකෝ හදා
මේ සීතෙට මං මනාපයි නගා

ගමේ එවුන් ගිනාවෙයි කියා
කියලා ඉතින් දුරින් ඉන්නෙපා
කොල්ලන්ගේ ඇහේ බබා නටනවා
මාව මරං කන්න හිතනවා

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply