ඇය හෙමින් විත් එදා
මගේ හද අරන් ගියා
එය රැගෙන එයි සිතා
මම හිඳිමි මඟ බලා
මම හිඳිමි මඟ බලා
මකරන්දයෙන් තෙමී
මල් රේණු සැලි සැලී
මකරන්දයෙන් තෙමී
මල් රේණු සැලි සැලී
ඇත පවන සිසාරා
ඇගෙ පහස පතාලා
ඇය හෙමින් විත් එදා
මගේ හද අරන් ගියා
එය රැගෙන එයි සිතා
මම හිඳිමි මඟ බලා
මම හිඳිමි මඟ බලා
තණපත් වලින් මිදී
උඳුපියලායා පෙති
තණපත් වලින් මිදී
උඳුපියලායා පෙති
දෙපතුල් පහස සොයා
ඇගෙ පෙරමගම හිඳී
ඇය හෙමින් විත් එදා
මගේ හද අරන් ගියා
එය රැගෙන එයි සිතා
මම හිඳිමි මඟ බලා
මම හිඳිමි මඟ බලා