සිහිනයට තරම් | Sihinayata Tharam by Kasun Kalhara

Sinhala song lyrics with music notes illustration

සිහිනයට තරම් තටු නෑ මට නම්
පියබන්න අරන් නුබ අහසේ…
ආදරය තරම් සියුමැලි මනරම්
සිහිනයක් තියේවිද ලෝකේ

කදු හිස් මුදුන් කර – තරු ලකුනු වැටෙනා… අතර
සිත නුබම සොයා – වලා බැම්මෙන් ඉගිල යයි
ලොව නිදනා… අතර
සයුරක් වී වැතිර – නුබ සරලි නගනා අතර
කිරි සිනා ගඟත් මියුරු – ලොකෙන් අරන් යයි
ඉන්නවාද ඇහැර…

සිහිනයට තරම් තටු නෑ මට නම්
පියබන්න අරන් නුබ අහසේ…
ආදරය තරම් සියුමැලි මනරම්
සිහිනයක් තියේවිද ලෝකේ

කදුලක් ලගට දුර – තව දුරස් කලේ නුබය
වැහි ඇල්ලක් වගේ – සොදුරු සිහිලක් ගෙනා මට
ජීවිතයේ කතර…
සෙනෙහස් සිහින මල් – හැම සැබෑ කෙරූ… සසර
නුබ සදකි… රුවන් කුමුදු යායක්
පුබුදු කර… මා හද කල සුවද

සිහිනයට තරම් තටු නෑ මට නම්
පියබන්න අරන් නුබ අහසේ…
ආදරය තරම් සියුමැලි මනරම්
සිහිනයක් තියේවිද ලෝකේ

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply