ඔබ කුමුදිනියක් වී | Oba Kumudiniyak Wee by Chandana Liyanarachchi

ඔබ කුමුදිනියක් වී හිනැහේ නම්
මම පහන් තරුව වී ළඟ ඉන්නම්
ඔබ රැල්ලක් වී ගඟ පාවේ නම්
මම වෙරළ වාගේ නොපැලී ඉන්නම්

හද වේදනාව රිදවන මොහොතේ
මම ඔබ ගැන සිහිකර සැනසෙන්නම්
මුළු ලොවම රැයේ නිදිගත් මොහොතේ
සුව සිහිනෙක ඔබ ලගම රැදෙන්නම්

ඔබ කුමුදිනියක් වී හිනැහේ නම්
මම පහන් තරුව වී ළඟ ඉන්නම්
ඔබ රැල්ලක් වී ගඟ පාවේ නම්
මම වෙරළ වාගේ නොපැලී ඉන්නම්

මගේ නෙත් යුග ලග කඳුලක් වීලා
ඔබ කවදාවත් රිදවන්නෙපා
මා ඔබ ගැන පැතූ පැතුමන් සිඳලා
ඔබ තවත් සිතක තනිවෙන්න එපා

ඔබ කුමුදිනියක් වී හිනැහේ නම්
මම පහන් තරුව වී ළඟ ඉන්නම්
ඔබ රැල්ලක් වී ගඟ පාවේ නම්
මම වෙරළ වාගේ නොපැලී ඉන්නම්

Leave a Reply