රහසක් | Rahasak by Harshad Ibrahim ft. Harry Harsh [2021]

Sinhala song lyrics with music notes illustration

දිලිසී දිලීසී – හඳ සේ සිනාසී
ඇසිපිය මගේ නවත්තනා සුරූපී
දෙව්දූ විලාසී – ඔය බැල්මට වශී
හදවත පුරාම මේ නුරා මල් පිපී
රතු පැහැ තැවරූ දෙතොලේ
ඔපයට හුරු මුව කමලේ
වරුණට වදන් නොමැති අරුමේ
නෙතු බැමි නටවන තාලේ
දුටුදුටු විට මා සසැලේ
යටපත් කරන්න බැරි හැඟුමේ

රහසක් තියේ සුන්දර – හිත යට මගේ පෙම්බර
එය කියාගන්න කවදද මට දෙන්නෙ අවසර

ලස්සන – හින්දද දැක්කම
මට අහංකාරකම් පාන්නෙ ඉතින් ඔච්චර
තිස්සෙම – මැවි මැවි දිස්වෙන
නුඹ පතා ඉන්නෙ ආදරේට තමයි මෙච්චර

ගස්සන – ඉඟසුඟ පද්දන
ඔය දාංගලේ ඉලන්දාරි හිත් අවුස්සන
වස්සන – සිතුවිලි වැස්සෙම
තෙමෙමුකෝ තවත් කුමටද බොරු ගති නුරුස්සන

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply