දස මසක් මා කුස තුළ උන් පුතුනේ
දැන් ඉතින් අප වෙන්ව යා යුතුවේ
වීසි කරමි වන ලැහැබට දෑස පියාගෙන
නයි පොලොඟුන් ගෙන් මවක ලබාවා
වග වලසුන් ගෙන් පියෙකු ලබාවා….
දැඩි වී වග වළසුන් අතරේ
වළසෙකු වී අවුදින් පුතුනේ
වීසිකරන්නට දරුවන් තනනා
ලෝකය කා වනසන් පුතුනේ…..
සැතපී නයි පොළඟුන් දරණේ
පොළඟෙකු වී අවුදින් පුතුනේ
අහක දමන්නට දරුවන් වදනා
ලෝකය කා වනසන් පුතුනේ…..
දස මසක් මා කුස තුළ උන් පුතුනේ
දැන් ඉතින් අප වෙන්ව යා යුතුවේ
වීසි කරමි වන ලැහැබට දෑස පියාගෙන
නයි පොලොඟුන් ගෙන් මවක ලබාවා
වග වලසුන් ගෙන් පියෙකු ලබාවා….